බූස්ස බන්ධනාගර අධිකාරිට තර්ජනය කලේ කවුද?

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ නිවසට ගොස් තර්ජනය කිරීම

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා වශයෙන් සේවය කරන නිලධාරියා සේවය කරමින් සිටියදි 2024.07.11 වන දින පස්වරු 5.00 පමණ කටුනායක ඔහුගේ නිවසට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ඇත. නිවසේ රැදි සිටි අධිකාරිවරයාගේ පියාට ඩුබායි රටේ සිටින හීනටියන සංඛ නැමැත්තාගෙන් යැයි පවසා දුරකථන ඇමතුමක් සම්බන්ධ කර දී තිබේ. දැනට සහකාර අධිකාරිවරයා බූස්ස බන්ධනාගාරයේ සිදු කරන සෝදිසි කටයුතු නවතා දමන ලෙසට තර්ජනය කර තිබේ.

පසුගිය දිනවල බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ තිබී දුරකථන කිහිපයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රදවා සිටින පාතාල කල්ලි සාමාජිකයකුද අධිකාරිවරයාගෙන් විමසීම් කර තිබිණි.

මෙම සිද්ධිය පිළිබදව පොලිසියට පැමිණිලි කර ඇති අතර විමර්ෂණ කටයුතු ආරම්භ කර සිදුවෙමින් පවති.

ගාමිණී බි දිසානායක
බන්ධනාගාර කොමසාරිස්
මාධ්‍ය ප්‍රකාශක

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *