බොරතෙල් නැවකට ප්‍රහාරයක්

හවුති කැරලිකරුවන් සිදු කළ ප්‍රහාරයක් හේතුවෙන් බොරතෙල් නැවකට හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යේමනයේ වෙරළට ඔබ්බෙන් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි සඳහන් වන අතර පැනමා ධජය සහිත නෞකාවට දෙවරක් ප්‍රහාර එල්ල කර ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍ර ආරක්ෂක ඒජන්සිය වාර්තා කරයි.

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි සඳහන් වේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *