බොරැල්ල මල් ශාලාවට තර්ජන ඇමතුම සිසුවියකගේ සිම්පතකින්

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කර තිබු බොරැල්ල මල්ශාලාවට අවස්ථා දෙකක දී තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලබා දී ඇත්තේ සිසුවිකගේ නමට ගත් සිම්කාඩ් පතකින් බව අනාවරණය වී තිබෙනවා.

එම සිසුවිය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන බවයි සඳහන් වන්නේ.

විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ එම සිම්පත භාවිතා කර ඇත්තේ තර්ජනාත්මක ඇමතුම ලබාදීමට පමණක් බවයි.

අදාළ සිම්පත හිමි සිසුවිය මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ මෙම ඇමතුම කවුරු ලබා දුන්නා ද බව තවම අනාවරණය වී නොමැති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *