බොලිවුඩ් නළු පන්කජ් ත්‍රිපාතිගේ මස්සිනා රිය අනතුරකින් ජීවිතක්ෂයට

ජනප්‍රිය බොලිවුඩ් නළු පන්කජ් ත්‍රිපාතිගේ මස්සිනා ඉන්දියාවේ ධන්බාද් හි සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය සෙනසුරාදා සිදු වූ මෙම අනතුරින් පන්කජ් ත්‍රිපාතිගේ සොහොයුරිය බරපතළ තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ගෝපාල්ගන්ජ් සිට කොල්කටා දක්වා මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී පන්කජ් ත්‍රිපාතිගේ සොහොයුරිය සහ ඇයගේ සැමියා මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඔවුන් ගමන් ගත් මරුති ස්විෆ්ට් මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග බෙදීමේ බාධකයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් ත්‍රිපාතිගේ මස්සිනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, සහෝදරිය මේ වනවිට රෝහල් ගතව ප්‍රථිකාර ලබනවා.

අනතුර අසල පිහිටි ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *