භූතයෙකුට ගැහුව තුනකට වැඩ වරදී

කළුතර, පැල්පොළ, තොටුපළ පාරේ පොසොන් උත්සවය නිමිත්තෙන් පවත්වන ලද හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුළු වූ පුද්ගලයන් තිදෙනකු එහි භූතයෙක් ලෙසින් පෙනීසිටි 13 හැවිරිදි පාසල් සිසුවකුට පහරදීමෙන් එම සිසුවා තුවාල ලබා කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

කළුතර උතුර, පැල්පොළ, තොටුපළ පාරේ පදිංචි ඒ.ඩී. සිතුම් ලක්මිණ නමැති පාසල් සිසුවකු මෙලෙස පහර කා රෝහල් ගතකර ඇති බව පැවැසේ.

ප්‍රදේශයේ කුඩා ළමයන් එක්ව හොල්මන් මන්දිරය සකස් කර පොසොන් පොහෝ දිනයේ පවත්වා තිබේ.

එය තුන්වැනි දින රාත්‍රි ප්‍රදර්ශනය කරන අවස්ථාවේ බීමතින් පැමිණි තිදෙනකු හොල්මන් මන්දිරයට ඇතුළුවී ඇති බව වාර්තා වේ.

පහර කා රෝහල්ගත කර සිටින ළමයා යක්ෂයකු ලෙසින් ඔවුන් ඉදිරියට කඩාපැන ඇති අතර, එහිදී උරණ වූ තිදෙනා යක්ෂයාගේ බෙල්ලෙන් අල්ලා පහරදී ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *