භූ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ටත්අධිකරණයට අපහාස කිරීමේ චෝදනා?

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 09 ක අක්කර දෙසීයක පමණ භූමි භාගයක සිදුවන නීති විරෝධී සිලිකා ජාවාරම තුළින් සිදුවන පාරිසරික විනාශයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

එම පෙත්සම ඉකුත් ජූලි මස 15 වනදා කැඳවූ අවස්ථාවේදී අදාල කැණීම් සිදුවන ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ.

එහෙත් භූ විද්‍ය හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම නියෝගය උල්ලංඝනය කරමින් වැලි කැනීමේ බලපත්‍ර හතරක් අලු‍තින් නිකුත් කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ ඊයේ අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

ඒ අනුව අදාල අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්නම් ඊළඟ නඩු දිනයට පෙර ඊට අදාළ ලේඛන ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *