කොළඹ නිරෝෂන්
රෝසී සේනානායක මාද්ය හමුව
කෝ දැන් අනුර කුමාර හදනවා කිව්ව පොහොසත් රටයි ලස්සන ජීවිතයයි.
අන්තිමේ අපිට කන්න හාලුත් නෑ.මේ හාල් නැති ප්රශ්නෙන් වෑඩියෙන්ම පීඩා විදින්නේ කාන්තාවෝ..
එදා අනුර කිව්වා තෙල් 52කට දෙන්න පුළුවන් කියලා. කෝ ඉතින් දැන් දෙන්නකෝ.. බොරු කියලා මිනිස්සු රවට්ටලා ජන්දේ ගත්තා.
කෝ දැන් කාවද හිරේ දැම්මා.
දැන් කියනවා කලු සල්ලි සුදු සල්ලි කියලා නෑ ඕන සල්ලියක් ආයොජනයක් රටේ ආයෝජනය කරන්න කියලා.
මට කාන්තාවක් හැටියට විශාල බියක් දැනෙනවා. අලුතෙන් පත්වුන අයගේ කකුලෙන් අදින්න හොඳ නෑ. නමුත් මේ ගිය සති දෙක තුනට මේ රටේ රතු එළි පත්තුවෙනවා. මේ ආණ්ඩුවේ ගමන ඉතාමත් අපහැදිලියි.
අස්වෑසුමත් රනිල් දුන්නේ. නැත්තන් ඒකත් නෑ. උගන්ඩාවේ සල්ලි,ණය ගන්ඩයි මුදල් අච්චු ගහන්නඩයි ආන්ඩුවක් ඕන නෑ කිව්වා..
දැන් ඔය ආන්ඩුවේ ඉන්නේ පොලී මුදලාලී තුන්දෙනෙක්ද කියලා අපි අහනවා.
නන්දලාල්ව ගෙදර යවනවා කිව්වා. මුදල් ලේකම්ව හිරේ දානවා කිව්වා.. දැන් හරි අපූරූවට එයාලත් එක්ක වැඩ කරගෙන යනවා.
මම ජනාධිපති කාර්යාලයෙන් දුන්න තනතුර වෙනුවෙන් ලැබුණ රථය ගැන උඩ පැන පැන මට මඩ ගැහුව ලාල්කාන්ත අන්න දැන් කිසිම තනතුරක් නැතුව රේන්ජ් රෝවර් රතයක යනවා හරියට වඳුරට දැලි පිහිය ලැබුණා වගේ.. එයාට රජයේ කිසිම තනතුරක් නෑ..























