මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමග මෙරට බහුදින යාත්‍රා 02ක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් මෙරටට අයත් බහුදින යාත්‍රා 02ක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එම බහුදින ධීවර යාත්‍රා 02 සමග සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බවයි එම නිවේදනයේ සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *