මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙක් CID අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවෙකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දුරකථනයෙන් සම්බන්ධ කර දුන් බව කියන මාවතගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ දොරටියාව පොලිසියේ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ඩුබායි සම්පත් නැමැත්තකු සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා සහ සාජන්වරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග පරිදි විමර්ශනයක් පවත්වා මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *