මත්ද්‍රව්‍ය ජාවාරමුන් 692ක් කොටුවෙයි

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලය වටලන මෙහෙයුමේ වැටලීම් 691කින් සැකකරුවන් 677ක් සමග සැකකාරියන් 15ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ මෙහෙයුමක් ඉකුත් (17) වැනිදා ආරම්භ කළ අතර ඊයේ (24) වැනිදා තෙක් මොවුන් පිරිස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඉන් සැකකරුවන් 32ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත බවත් තවත් සැකකරුවන් 18ක් පුනරුත්ථාපනය සඳහා යොමුකළ බවයි පොලිසිය පැවසුවේ.

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුමේදී බස්නාහිර පළාතෙන් පමණක් සැකකරුවන් 448ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර දකුණු පළාතේ වැටලීම්වලින් සැකකරුවන් 72ක් අත්අඩංගුවට ගත්බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *