මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරනවා

ජාත්‍යන්තරයෙන් බලපෑම් පැමිණියද මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රජා පොලිස් කමිටු සාමාජික හමුවට එක් වෙමින් ය.

මාස තුනක් ඇතුළත යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8634 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. 

පොලිස්පතිවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ දේපොළ ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *