මත්පැන් බලපත්‍ර ලබා ගත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි. මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමණික්කම් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය රජය විසින් නිකුත් නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ප්‍රශ්න කළේ ය.
බාර් පර්මිට් ගත්ත මන්ත්‍රීවරු කවුද කියලා ජනතාව දැනගත යුතුයි. ඇයි මේ තොරතුරු හෙළි නොකරන්නේ යැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.