මන්ත්‍රීලා‍ පවුල්වලටත් ඉල්ලන දේ

මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රක්ෂණ රැකවරණය දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

රක්ෂණ රැකවරණ මෙතෙක් ලැබෙනුයේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයකුටම වාර්ෂිකව හිමි වන රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි. යම් කිසි මුදලක් තමන්ගේ වැටුප්වලින් හෝ කපාගෙන පවුලේ සාමාජිකයන්ට ද රක්ෂණ ආවරණය දෙන්නැයි ඔවුන් මෙසේ ඉල්ලා ඇති බවයි වාර්තා වනවා.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරු කීපදෙනෙක් පවසා ඇති

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් මාස ගණනාවකින් පවත්වා නැතැයි ද වාර්තාවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *