‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්රික්කයේ ජනතාවට වෙන්කළ ඉඩම් ඔප්පු සංකේතාත්මකව ප්රදානය කිරීම ජනාධිපති රනිල් වික්රමසිංහ අතින් මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.
ඒ මන්නාරම නගර සභා ශ්රවණාගාරයේදී.
එහිදී, මන්නාරම දිස්ත්රික්කයේ ජනතාව වෙනුවෙන් වෙන්කළ ඉඩම් ඔප්පු 5,000න් ඔප්පු 442ක් අද (16) දින සංකේතාත්මකව ප්රදානය කෙරුනා.