මන්නාරම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මත්පැන් හලක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රයක් අත්හිටුවමින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අදාල මත්පැන් හලේ හිමිකාරිත්වය දරණ ජයන්ත තිරිමාන්න මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත ය අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

අද (29) අමතරව අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින සුරා බදු කොමසාරිස ජෙනරාල්වරයා, මන්නාරම ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් සැප්තැම්බර් මස 30 වන දා වග උත්තරකාර සුරා බදු කොමසාරිස් ජෙනරාල් වරයා විසින් ලිපියක් යොමු කරමින් තම සේවාදායකයාගේ මත්පැන් හලේ බලපත්‍රය අත්හිටුවා තිබෙන බවට දැනුම් දී ඇතැයි සඳහන් කර සිටියේය.

සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයාගේ එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි මෙන්ම අත්තනෝමතික ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළ අතර පෙත්සම යළි දෙසැම්බර් මස 17 වන දා කැඳවන ලෙසත් නියෝග කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *