මන්නාරම රෝහලේ රෑට සිදුවන අකටයුත්තක් ගැන සේවිකාවන්ගෙන් පැමිණිලි

මන්නාරම මහ රෝහලේ ඉහළ නිලධාරීන් එම රෝහලේම සේවය කරනු ලබන සේවිකාවන්ව ඔවුන්ගේ කාමරවලට කැඳවා ලිංගික අතවර සිදුකිරීමට පටන් ගෙන ඇති බවට රෝහලේ සේවිකාවන් කිහිප දෙනෙකු බලධාරීන්ට පැමිණිලි කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

එහිදී රාත්‍රී සේවයේ නිරතවන සේවිකාවන් ඉහළ නිලධාරීන්ගේ කාමරවලට විවිධ හේතු ඉදිරිපත් කොට කැඳවා ගන්නා බවත්, එහිදී එම සේවිකාවන්ට මෙම ලිංගික අතවරවලට මුහුණ පෑමට සිදුව ඇතැයිද එම පැමිණිලිවල සඳහන් බවයි ඔහු වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, සේවිකාවන්ගේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ ආරම්භ වී නොමැති හේතුවෙන් සේවිකාවන් ඔවුන්ගේ පැමිණිලි සමාජ මාධ්‍ය වෙත යොමු කිරීමට පටන් ගෙන ඇති බවත් සඳහන්.

එමෙන්ම, එම පැමිණිලිවලින් පැමිණිලි කීපයක්ම හඬපට සමග සමාජ මාධ්‍ය වෙත මේ වනවිට මුදා හැර ඇති බවත් සඳහන් කරන ඔහු, මෙම අතවර සිද්ධීන් පිළිබඳව ප්‍රදේශය පුරා ආරංචි පැතිර යාමත් සමගම සේවිකාවන් මන්නාරම රෝහලේ සේවයට පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවෙස්වලින් ද දැඩි විරෝධයක් පැන නැගී ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *