මන්නා රමේෂ්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අද (07) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල සාමාජික ‘මන්න රමේෂ්’ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් රැඳවුම් නියෝගයක් ලබා ගෙන තිබෙනවා.

ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විධිවිධාන යටතේයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ යන අයව මීට මාස දෙකකට පමණ ඉහත දී ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි.

මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුකරගෙන ගිය ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර පසුගිය කාලයේ සිදුවූ ඝාතන කිහිපයක්ම ඔහුගේ මෙහෙයවීම මත සිදුව ඇති බවයි ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි මන්නා රමේෂ්, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත කැඳවා ගෙන පැය 04 ක පමණ කාළයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 08.40 ට පමණ මිරිහාන කොළඹ දකුණ බස්නාහිර පළාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ රැගෙන යාමට පියවර ගනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *