“මම ඉපදෙනකොට ඩොලර් එක රුපියල් 03යි”

තමන් ඉපදුනේ 1949 වර්ෂයේ බවත් එම කාලයේ ස්ථාවර විනිමය අනුපාතය රුපියල් 3යි ශත 32ක් වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (13) සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ “SAARCFINANCE” සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදු කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති දේ සහ ඉදිරි වසරවලදී අප කිරීමට අදහස් කරන දේ ගැන වචන කිහිපයක් කතා කිරීමට මම සිතුවා. අර්බුදයේ ගැඹුර පැහැදිලි කිරීම සඳහා, මම කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නම්. මම ඉපදුනේ 1949 වර්ෂයේදීයි. ඒ කාලයේදී ස්ථාවර විනිමය අනුපාතය රුපියල් 3යි ශත 32යි. 1978 දී ස්ථාවර විනිමය අනුපාතිකය ඉවත් කර ඩොලරයට රුපියල් 16ක් වූ පාවෙන විනිමය අනුපාතිකයකට අප යොමුවුණා.

මුදල් මුද්‍රණය කිරීම අවශ්‍ය වූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වැනි පුළුල් යෝජනා ක්‍රම තිබියදීත්, 2009 වන විට අපි ඩොලරයක් සඳහා රුපියල් 116 ක් ගෙවිය යුතු මට්ටම දක්වා ළඟා වී සිටියා. එවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබුණේ විදේශ ණය අර්බුදයේ මධ්‍යස්ථ අවදානමක් පවතින බවයි.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *