මම එන්නේ සටන් කරන්න නෙමෙයි – ජනපති

තමා ජනාධිපතිවරණයට පැමිණෙන්නේ සටන් කරන්න නොවන බවත් රට ඉදිරියට ගෙන යන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (07) මාධ්‍ය ප්‍රධානීන් පැවැති හමුවේ දි පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම ඔබට බලපාන්නේ කෙසේ යන්න මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමා ජනාධිපති ධුරය භාර ගන්නා අවස්ථාවේදී පොදුජන පෙරමුණේ සහාය ලැබුණු බවයි. වසර දෙකක්ම එම පක්ෂයේ සහාය තමාට ලැබුණු බවත් එයට ස්තුතියි පල කරන බව ජනාධිපතිවරයා පවසා සිටියා.

එමෙන්ම නාමල් රාජක්ෂට අයිතියක් තිබෙනවා පක්ෂයේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට සිදු වන බව අතර ජනාධිපතිවරයා අවධාරණය කලා.

නමුත් තමා තීන්දු තීරණ ගන්නේ රටේ අනාගතය ගැන සිතා බවත් බොහෝ අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ අනාගතය ගැන සිතා බව ඔහු කියා සිටියා.

තමා රටේ තත්ත්වය සම්බන්ධයෙන් ඇත්ත කියන බවත් එය රට බේරා ගැනීමේ පරමාර්ථයට බව හෙතෙම කියා සිටියා.

බොරු කියමින් දේශපාලනය් නියැලෙන පිරිස් බලය ලබා ගැනීමට කටයුතු කරන බවත් ජනතාව අවශ්‍ය තීන්දුව ගනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *