“මම එහෙම පැනලා යන ජාතියේ මිනිහෙක් නෙමෙයි”

තමන්ට රටින් පලා යාමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඔහු අවධාරණය කරන්නේ තමන් රටින් පැන ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

මේ අතර දේශපාලනික අවශ්‍යතා මත නීතියට පටහැනිව මත්පැන් බලපත්‍ර ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරන නිළධාරියෙකු විදෙස්ගත වීමට සූදානම් වන බවටද පුවත්පත් කිහිපයක්ම ඊයේ (27) තොරතුරු වාර්තාකර තිබුණා.

කෙසේ වෙතත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ එම චේදනා පදනම් විරහිත බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *