මම කිසිදු වංචාවක් කරලා නෑ කාට හරි පුළුවන්නම් ඔප්පු කරන්න

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් වූ දා පටන් කිසිදු වංචාවක් සිදු නොකර බව මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

එසේ තමන් වංචාවක් සිදුකර ඇත්නම් ඕනෑම කෙනෙකුට එය හෙළි කරන ලෙස අභියෝග කරන බවයි ඔහු සඳහන් කළේ.

සිරිමාවෝ බණ්ඩාරනායක 108 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රතිමාව දෙස බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට අපට වෙනත් දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වීමට හැකිද යන්නයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *