”මම විශ්වාස කරලා එන්නේ ඩිලීට් කරන්න හොඳේ”

වයස අවුරුදු 16 ක පාසල් දැරියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරි තරුණයෙකු හා ආගමික ස්ථානවල දී කාන්තාවන් හා මිතුරු වී ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන කප්පම් ඉල්ලූ අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.

26 හැවිරිදි මෙම පුද්ගලයා මාතර – දික්වැල්ල – බෙලිදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

2021 වසරේදී මොහු තරුණියක් නිවසට හොර රහසින් රැගෙන ප්‍රදේශයෙන් පළා ගොස් තිබු අතර, කෙටි කලකට පසුව යළි දික්වැල්ල – වලස්ගල ප්‍රදේශයේ
තරුණියගේ නිවසට පැමිණ දේවාලයක් පවත්වාගෙන යමින් කපුවෙකු ලෙස සමාජය හමුවේ පෙනී සිට තිබුණා.

ඒ අතරතුර මොහු අදාල නිවසේ සිටි තරුණියගේ 13 හැවිරිදි පාසල් යන වයසේ පසුවන නැගණියව බියවද්දා ලිංගික අඩන්තේට්ටම් සිදු කරමින් විටින් විට ඇගේ නිරුවත් ඡායාරූප හා දර්ශන රූගත කරමින් ඔහුගේ ඡංගම දුරකථනයේ ගබඩා කර ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයාගෙන් සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පාසැල් දැරිය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී දික්වැල්ල පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුන ද ඊට නිසි විමර්ශනයක් සිදුව තිබුනේ නැහැ.

අදාල කරදර හේතුවෙන් පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිටීමට නොහැකි වු දැරිය පෙම්වතෙකු සමග නිවසින් පිටව ගොස් තිබෙනවා.
ඊට උරණ වු කපුවා ශිෂ්‍යාවගේ පෙම්වතාට හා සමාජ මාධ්‍ය වෙත ඇයගේ නිරුවත් දර්ශන මුදාහැරීමටයි කටයුතු කර තිබුනේ.

එම දර්ශන දැකීමෙන් පසු පෙම්වතා විසින් ශිෂ්‍යාව ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇයට යළි නිවසට පැමිණීමටයි සිදුව ඇත්තේ, පසුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් මාතර

කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පන්ඩුල වීරසිංහ මහතාට ලැබුනු තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබුනා.

ඒ අනුවයි, අදාල නිවස තුල රැදී සිටි සැකකාර කපුවා මාතර කොට්ඨාසභාර ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු පාසල් සිසුවියගේ නිරුවත් දර්ශන හා ඡායාරූප රැසක් පොලිසිය සොයා ගනු ලැබුවා.

සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන මස 07 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි නියෝග කෙරුණේ.

මේ අතර, මාතර කොට්ඨාසභාර ළමා හා කාන්තා කාර්යාංශයට ලද පැමිණිල්ලක් මත රට පුරා ආගමික ස්ථානවල රැදී සිටිමින් කාන්තාවන් සමග මිතුරු වී ඔවුන් සමග සමීප සබඳතා පවත්වන පුද්ගලයෙකු පිලිබඳ විමර්ශන අරඹා තිබුණා.

අදාල පුද්ගලයා කාන්තාවන් සමග මිතුරු වී පසුව ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා සමාජ මාධ්‍යවලට මුදා නොහැරීමට නම් තමන්ට මුදල් කප්පම් ලබා දෙන ලෙසයි බලපෑම් කරන්නේ.

හැබැයි විශ්වාස කරලා එන්නෙ ඩිලීඩ් කරනවා කියන විශ්වාසෙට එන්නෙ රුපියල් 15,000 ක් අරන් එන්න කප්පම් ගැනීමට පැමිණි මෙම පුද්ගලයා පොලිසියට කොටු වන්නේ මාතර වෙරළ තීරයට පැමිණි අවස්ථාවේදී.

කාන්තාවන් බියවද්දා කප්පම් ලබාගත් මෙම පුද්ගලයා ද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *