මරණ පරීක්ෂණය මැද්දේ මිණියට පණ ඇවිත්

පුත්තලම, මදුරන්කුලිය පොල් ඉඩමක සේවය කළ මුරකරුවෙකු මරණයට පත්වී ඇතැයි ඉඩමේ අයිතිකරු විසින් ඉකුත් දා පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඔහු මුරමඩුව ඇතුළේම මරණයට පත්ව ඇති බවටයි පොලීසියට පැමිණිල්ල ලැබී තිබුණේ.

ඔහු පවසා ඇත්තේ මරණය සැක සහිත බවත් එය අභිරහස් මරණයක් බවත්ය.

මේ නිසා පොලීසිය ක්‍රියාත්මක වී මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීට කටයුතු කළ බවයි මදුරන්කුලිය පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ.

එහිදී එම පුද්ගලයාට පණ ඇති බව දැනගෙන වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

පැමිණිල්ල සිදුකළ ඉඩම් හිමිකරු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් වන අතර ඔහුගේ සහෝදරයා පොලිසියට විස්තර පවසා තිබුණා.

එමෙන්ම මරණකරුගේ ඥාතීන් පිළබඳව නොදන්නා බවද ඔහු පොලිසියට පවසා තිබුණා.

මෙම පුද්ගලයා සිහිනැතිව වැටී ඇත්තේ නිරාහාරව සිටීමෙන් බවත් ඔහු රෝගී තත්ත්වයකින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළා.

මුරකරුට හරි හැටි සැලකීමක් නොවූ බව වාර්තාවන අතර රෝගියා රෝහල් ගතකිරීම සිදුකර තිබුණේද පොලිස් නිල රථයෙන් බව පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවා.

ඒ සඳහා ඉඩම් හිමිකරුවන්ට වාහනයක් නැතැයිද පවසා තිබුණා.

මදුරන්කුලිය පොලිසියේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *