මරඳගහමුල ‘අයිස් චන්දිමාල්’ අත්අඩංගුවට

දිවුලපිටිය, මරඳගහමුල ප්‍රදේශයේ සිට ප්‍රදේශ කිහිපයකට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරි මරඳගහමුල ‘අයිස් චන්දිමාල්’ නමැති පුද්ගලයාව දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හේන්පිටගෙදර ප්‍රදේශයේ දී ඊයේ (31) සිදුකළ විශේෂ මෙහෙයුමකදී යි.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සහ තවත් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බවයි දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 500 ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සහ අනිත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මීගමුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *