මරුවත් එක්කගේන ගිය මිනිපෙට්ටි රියදුරු

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරි රථයක ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය හිරු නිව්ස් වෙත ප්‍රකාශ කර තිබෙනවා.

පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණ තිබූ මෙම ලොරි රථය නවතා සිදු කළ පරික්ෂාවේදී ඉතා අනතුරුදායක ලෙස මිනි පෙටිටි 50 ක් එක පිට එක පටවා තිබෙන අයුරු දැක ගත හැකි වූ බවයි පොලීසිය පවසා ඇත්තේ.

බණ්ඩාරගම නගරයේ තිබෙන සංඥා පුවරුවලටද හානි සිදුවිය හැකි ආකාරයේ උසකින් මෙම මිනිපෙට්ටි පටවා තිබූ බවද පොලිසිය සඳහන් කළා.

පානදුර අළුබුමුල්ලේ සිට මූලතීව් දක්වා මෙම මිනීපෙට්ටි තොගය ප්‍රවාහනය කර ඇති අතර, අත්අඩංගුවට ගත් මිනීපෙට්ටි ලොරිය පසුව තවත් ලොරියක් ගෙන්වා මිනීපෙට්ටි තොගය ලොරි රථ දෙකකට පටවා නිදහස් කර තිබෙනවා.

බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා හිරු නිව්ස් වෙත වැඩිදුරටත් සඳහන් කළේ ලොරි රථය පැදවූ රියදුරුට එරෙහිව ලබන 09 වෙනිදා නඩු පවරා ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *