මවක් හා පුතෙක් යට කර මෝටර් රථයක් පලා ගිහින්

වවුනියාවේ වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාරේදී යතුරු පැදියක ගමන් කළ මවක් හා පුතෙකු යට කර මෝටර් රථයක් පලා ගොස් තිබෙනවා.

එම අනතුරෙන් දෙදෙනාම බරපතල ලෙස තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ අනතුර හේතුවෙන් යතුරු පැදියට ද දැඩි ලෙස අලාභ හානි සිදුව ඇති බවයි.

අනතුර සිදු කර පලා ගිය මෝටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා වවුනියාව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් ප්‍රදේශය අවට ඇති CCTV කැමරා පද්ධති විමර්ශනය කිරීම ආරම්භ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *