මහඑළිය රක්ෂිතයේ මැණික් ගරපු 6ක් අත්අඩංගුවට

බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ මැණික් ගරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මස්කෙලිය රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මහඑළිය රක්ෂිතය හරහා ගලා බසින ඇළ මාර්ග විනාශ කරමින් අනවසර මැණික් ගැරීමේ නිරත වන බවට ලද තොරතුරක් මත වැටලිම සිදුකර තිබුණා.

ව්හිදී බගවන්තලාව ලොයිනොන් වතුයායේ පදිංචි සැකකරුවන් පිරිසක් සමග භාවිතා කළ උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *