මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලක ජනරාල්වරයා හෙට COPE හමුවට

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලක ජනරාල්වරයා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා හෙට (09) දිනයේ කැඳවීමට නියමිත බවයි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන්කර සිටියේ.

හර්ෂ ද සිල්වා මේ පිළිබඳව සඳහන්කර සිටියේ සිය X ගිණුමේ සටහනක් තබමින්.

එම සටහනේ දැක්වුණේ දැනට සිදුවෙමින් පවතින වීසා අසාර්ථකත්වය පිළිබඳ සමබර පරීක්ෂණයක් සඳහා මෙම කැඳවීම සිදුකරන බවයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා තැබූ සටහන පහතින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *