මහණදම් පිරූ අයෙක් ටිපර් අනතුරෙන් මරුට

ඉංගිරිය පාදුක්ක මාර්ගයේ ටිපර් රථයක් අනතුරට ලක්වීමෙන් අයෙක් මරණයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ ඉංගිරිය නාච්චිමලේ අසපුවක මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි අයෙකු බව පැවසෙනවා.

මොවුන් පිරිස අසපුවට පූජා කරන ලද ටිපර් රථයකින් අද (27) පාදුක්ක දෙසට යමින් සිටියදී රථය මාර්ගයෙන් වම් පසට ඇදී ගොස් පස් කන්ඩ්යක ගැටී තිබෙනවා.

රියදුරු ඇතුළු ඉදිරිපස ගමන් ගත් කිසිවෙකු ආරක්ෂක පටි පැළඳ නොසිටීම හේතුවෙන් මරණය සහ තුවාල සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ අටකලම්පන්න, නදුන්ඇල්ල, පොතුවිල් පාර පදිංචි කසුන් සමීර උපශාන්ත නැමැති 32 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරට පත් ටිපර් රථය ආපදා රථයකින් පොලිසිය වෙත රැගෙන ඒමේදී නවතා තිබූ තීරෝද රථයක ගැටී තිබෙනවා.

එහිදී එම රථයේ සිටි රියදුරු තුවාල ලබා ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පැවසුවා.

ඉංගිරිය පොලිසිය ඉදිරි පරීක්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *