මහනුවර උසාවිය කැළඹූ බෝම්බ බිය ගැන තවත් විස්තරයක් එළියට

මහනුවර අධිකරණ භූමියේ අත් බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබාදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා එය විනෝදයට කළ වැඩක් බවට සඳහන් කර ඇති අතර ඔවුන් විසින් සිදු කරන ලද වරද පිළිගෙන තිබෙනවා.

ඊයේ පෙරවරුවේ නිර්ණාමිකව ලබාදුන් මෙම දුරකථන පණිවිඩය මගින් පවසා තිබුණේ එම ඇමතුමෙන් විනාඩි 30කට පසු අදාළ බෝම්බය පුපුරා යන බවයි.

කෙසේ නමුත් මෙම දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම බෝම්බ බිය හේතුවෙන් ඊයේ දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල් දැමීමටයි පියවර ගත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *