මහනුවර – කොළඹ මාර්ගය කඩුගන්නාව පහළ ප්‍රදේශයෙන් අනිද්දා දිනයේ තාවකාලිකව වැසේ

අවදානම් සහිත ගල් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අනිද්දා පැය දෙකක පමණ කාලයක් වසා තැබීමට නියමිත බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කරන නායයෑම් නිවේදන සම්බන්ධයෙන් ජනතාව නිරන්තරයේ අවධානයෙන් පසුවිය යුතු බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස සඳහන් කළේ.

මේ අතර ඊයේ පස්වරුවේ පන්විල – නෙල්ලිමලේ ප්‍රදේශය හරහා හමා ගිය තද සුළං තත්වයක් හේතුවෙන් වතු නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් පවුල් 38කට අයත් පුද්ගලයින් 128 දෙනෙකු තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *