මහනුවර ත්‍රිරෝද රථ මංකොල්ලය

මහනුවර නගරයේ ත්‍රී රෝද රථ මංකොල්ලකෑම් අවස්ථා ගණනාවකදී සිදුවී ඇති බැවින් මේ පිළිබඳව මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් කරන ලද විශේෂ පරීක්ෂා කිරීම යටතේ මහනුවර නගරයේ නවතා ඇති හා කූලී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් අතරමගදී රියදුරට පහරදී ඔහු සතු ජංගම දුරකථන මෙන්ම මුදල් හා ත්‍රිරෝද රථයද මංකොල්ලකෑම සිදු කරන ලද අවුරුදු තිස්පහක් පමණ වයස ඇති මහනුවර අම්පිටිය හා ගෙලිඔය ප්‍රදේශයේ වල පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර අපරාද විමර්ශන අංශය සමත් වී තිබෙනවා අදාල පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු විසින් පැහැර ගන්නා ලද හා මංකොල්ල කන ලද ත්‍රී රෝද රථ තුනක් ද සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා අදාල ත්‍රී රෝද රථ හා සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි අධිකරණයේ නියෝගය මත අදාල ත්‍රි රෝද රථ අයිතිකරුවන් සොයා ලබාදීමට කටයුතු කරන බව පොලිසියේ සඳහන් කරනවා මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත මහනුවර අංක එක සහකාර පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා හා මහනුවර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ මහනුවර පොලීසිය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් ඉන්දික මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා හේරත් මහනුවර වාර්තාකරු ස්තුති

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *