මහනුවර රෝහලේ උස් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මිය යයි.

මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් වැටී බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (12) සවස මෙම අනතුර සිදුවී ඇති අතර මහනුවර පොලිසියට ලැබුණු තොරතුරු මත පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයා හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකි.

කොන්ත්‍රාත් පදනම මත රෝහල් ගොඩනැගිලි තීන්ත ආලේප කරමින් සිටියදී ගොඩනැගිල්ලේ 3 වන මහලෙන් වැටී ඇති බව විමර්ශනයේදී හෙළි වූ බව පොලිසිය පවසයි.

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *