මහපාරේ බිම ඇද වැටුණු පාසල් සිසුවා එතැනම ජීවිතක්ෂයට

යාපනය, තෝල්පුරම්, විග්නේෂ්වර විද්‍යාලයේ සිසුවෙකු ඊයේ (16) මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී ඔහු පාසලේ පැවති අමතර පන්තියකට ගොස් ආපසු මිතුරෙකු සමග සිසිල් බීම පානය කිරීමට අසල වූ වෙළඳසැලක් වෙත යමින් සිටිය දී එක්වරම ඔහු බිම ඇද වැටී තිබෙනවා.

අවට සිටි පිරිස වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති නමුත්, ඔහු රෝහල් ගත කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව‍යි වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ තෝල්පුරම් ප්‍රදේශයේ පදිංචි තවරාසා කෝපිකුමාරන් නමැති 16 හැවිරිදි සිසුවෙක්.

මියගිය සිසුවා සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *