මහර සිරකරු ඝාතනයට යුක්තිය ඉල්ලා පා ගමනක්

මහර සිරකරුසමූහය ඝාතනය යටපත් කිරීමට නීතිපතිට ඉඩ නොදිය යුතුය වෙනුවෙන් පෙළ ගැසෙමු යුක්තියේ පාගමන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කළ පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළා……

කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ වූ පාගමන දුම්රියපොළ ඉදිරිපිට පාලම අසලින් පොලිසිය විසින් වළක්වාලනු ලැබුවා එම අවස්ථාවේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණා….

පසුව විරෝධතා කරුවන්ට පාගමන බැනරය රහිතව පදික වේදිකාව මතින් ගමන් කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නා පදික වේදිකාව මතින් ගමන් කිරීමේදී පොලිසිය විසින් මුදල් අමාත්‍යංශය අසලදී නැවතත් වළක්වාලනුු ලැබුවා කෙසේ වෙතත් නැවතත් පාගමන ආරම්භ කර ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී වළක්වාලනු ලැබුවා..

විරෝධතාකරුවන් කරුවන් හතර දෙනෙක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාව සඳහා යෑමට අවස්ථාව හිමිවුණා….

අනෙකුත් විරෝධතාකරුවන් මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය නිරතත වී සිටි විරෝධතාව සිදු කිරීමේදී බැනර් ප්‍රදර්ශනය කිරීමට යාමේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණා…..?

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *