මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්ගේ මහානායක ස්වාමීන්වහන්සේලා එක්ව ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
එහිදී,
අදූරදර්ශි නීති හඳුන්වාදීම
සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය
සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කර ඇත.
අවුන් පෙන්වා දුන්නේ, රටේ සංස්කෘතික අනන්‍යතාව, ඓතිහාසික උරුමය හා සද්චාරිත්‍ර නොසලකා සුළුතර පිරිසකගේ අවශ්‍යතා මත නීති සකස් කිරීම සමාජය බිඳවැටීමට හේතුවන බවයි.
තවද, දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන හා සමලිංගික සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය සමාජ අර්බුද මතුකරන බවත්, සමාජය, ගුරුවරුන් සහ දෙමාපියන්ගේ භූමිකාව ද අවමානයට ලක් කරන බවත් අවධාරණය කර ඇත.