මහින්ද හා නාමල් අටමස්ථානා වැඳ පුදා ගැනීමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අටමස්ථානය වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබාගනී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන අටමස්ථානය වැඳ පුදා ගැනීම සඳහා පැමිණි අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද වැඳපුදාගත් අතර මහා විහාර වාසී කුඩා ඇලිගමුවේ ඥානසිරිනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැලිමළුව අසලදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාටත් ආශිර්වාද කර සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *