මහේස්ත්‍රාත් දුන් බරපතල වැඩ සහිත සිර දඬුවම මහාධිකරණයෙන් ඉවත් කර නිදොස් කොට නිදහස් කරයි

තඔුත්තේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් ආහාර පනත යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයෙකුට චෝදනා හතරකට බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ දඩ නියම කරමින් තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා ලබා දී තිබූ නියෝගය මුළුමනින්ම නීතියට පටහැනි බවට අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් හේවාවසම් ඊයේ තීන්දු කළා.

ඒ අනුව විත්තිකරුට බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ දඩ නියම කරමින් තඔුත්තේගම මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය බල රහිත කළ මහාධිකරණ විනිසුරු නලීන් හේවාවසම් එම නියෝගය ඉවත දමමින් සිර දඬුවම් විදිමින් සිටි අදාළ ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස් කිරීමටයි නියෝග කර ඇත්තේ.

ආහාර පනත ප්‍රකාරව දුගඳ සහිත පිළිකුල් සහගත තත්වයේ ආහාරය විකිණිමට සහ ප්‍රදර්ශනය කිරීම ඇතුළු චෝදනා අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නඩුව ගොනු කර තිබුණා.

තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාවට අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ව්‍යාපාරිකයාට චෝදනා ගොනු කරන ලද බවක් හෝ අදාළ චෝදනා පත්‍රය අත්සන් තබා ඇති බවක් හෝ අනාවරණ වී තිබුණේ නැහැ.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු විමර්ශන කිරීමෙන් අනතුරුවයි අදාළ ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස් කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *