මහ ඡන්දයේ ඡන්ද පත්‍රිකා බෙදීම ඇරඹේ

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීම අද (27) දින සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් එම කටයුතු අද දිනයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන්නේ නැහැ.

නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා සමග නිවෙස් වෙත බෙදාහැරිය යුතු අපේක්ෂක නම් ලැයිස්තුව මෙතෙක් තැපැල් දෙපාර්තමේන්තුව වෙත නොලැබීම ඊට හේතුව බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මහ මැතිවරණයේ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන මස 07 වනදා දක්වා සිදුකෙරෙනවා.

එසේම, ලබන 03 වනදා ඊට අදාළව විශේෂ දිනයක් ලෙසටයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ලබන මස 07 වනදා දක්වා නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණේ නම් තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර තම නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකි වනවා.

මේ අතර, ලබන මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 716 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් බහුතරය නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි බවයි එම කොමිෂන් සභාව සදහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *