මහ බැංකුව යළිත් ඩොලර් මිලට ගනියි

ඉකුත් මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන තිබෙනවා.

එය ඉකුත් පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගත් ඩොලර් මිලියන 239.5ට වඩා ඩොලර් මිලියන 475.5ක වැඩිවීමක්.

ඒ අනුව ඉකුත් මාස තුන ඇතුලත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල දී ගත් විදේශ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 1,199ක් වන බවයි මහ බැංකුවේ නිල දත්ත පෙන්වා දෙන්නේ.

මේ අතර දේශීය ඉතිරිකිරීම්වලින් ණය ආපසු ගෙවීම නිසා මාර්තු මාසයේ දී දළ නිල සංචිත ඩොලර් මිලියන 431කින් ඉහළ ගොස් තිබෙනවා.

දේශීය ණය සුදුසු පොලී අනුපාතයකින් (දේශීය ආයෝජන අඩු කිරීම) මධ්‍යස්ථ වූ විට මහ බැංකුවකට සංචිත එකතු කර ගත හැකි වන අතර, ඩොලර් මිලදී ගැනීම් මගින් නිර්මාණය කරන ලද රුපියල් වාණිජ බැංකු වෙත මහ බැංකු සුරැකුම්පත් අලෙවි කිරීම මගින් වැඩි කර ගනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *