මළ ගෙදරදී විදුලි සැර වැදී අයෙක් මරුට

නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා.

එහිදී කලගෙඩිහේන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට විදුලි බල්බ සවි කිරීමට කටයුතු කරමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී එම ස්ථානයේ සිටි පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඇති අතර, එයින් එක් අයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

විදුලි සැර වැදීමෙන් අනතුරට ලක් වූ අනෙක් සිව් දෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් කරුණානායක නැමැත්තෙක්.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *