එළැඹෙන 14 වන දින පැවැත්වෙන 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාලව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් මාතර රාහුල විද්‍යාලයේ ස්ථාපිත කිරීමට නියමිත බැවින් රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
12 වන දින පස්වරු 02.00 සිට 13 වන දින මධ්‍යහන 12.00 දක්වා ඡන්ද පෙට්ටි අදාල මධ්‍යස්ථාන දක්වා පිටත් කරන තෙක් කාලය තුල මාතර වෙරළ මාර්ගයේ රණවිරු වටරවුම සිට එළියකන්ද දක්වා වන මාර්ගයේ රථවාහන ගාල් කිරීම සිදුවන බැවින් එම මාර්ගය තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාතර දෙස සිට කතරගම දෙසට හා කතරගම දෙස සිට මාතර දෙසට ධාවනය කරන වාහන අළුත් තංගල්ල පාර හා පරණ තංගල්ල මාර්ගය ඔස්සේ ධාවනය කල හැකි බවද සඳහන්.