මාරක අනතුරක් නිසා බුලත්සිංහල නොසන්සුන් වෙයි

බුලත්සිංහල හල් වතුර ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රි 7.30ට පමණ සිදු වූ අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

ඉංගිරිය සිට බුලසිංහල බලා ගමන් කරමින් තිබූ යතුරු පැදියක මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ගැටීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ අදාළ අනතුරින් පසු ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසීන් යතුරුපැදියට ගිනි තබා ඇති බවයි.

ඒ අනුව එම ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇතිවී ඇති අතර බුලත්සිංහල පොලිසිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *