මාරක අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

පැල්මඩුල්ල දෙස සිට රත්නපුර දෙසට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රත්නපුර පතුල්පාන කන්ද ප්‍රදේශයේදී තවත් ලොරි රථ දෙකක ගැටී දොඩංගහ ඇළට පෙරළී තිබෙනවා.

එහිදී සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අවස්ථාවේ සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු රථයේ තිරිංග ක්‍රියාත්මක නොවන බව පවසමින් රථය ධාවනය කර ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.

රියදුරු එම අවස්ථාවේදී වම් පස ඉවුරට ලොරිය යොමු කිරීමට උත්සාහ කිරීමේදී බස් රථයක් පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී ලොරිය එකවරම දකුණු දෙසට හැරවීමේදී ඉදිරියෙන් ගමන් කළ තවත් ලොරියක හා අසළ නවතා තිබූ තවත් ලොරියක ද ගැටී මෙම අනතුර සිදුවූ ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා.

අනතුරට ලක් වූ ලොරි රථ දෙකම දොඩංගහ ඇළට පෙරළී තිබුණා.

සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයේ සිරවී සිටි රියදුරා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඉන් ඉවතට ගෙන රත්නපුර රෝහලට රැගෙන යාමටයි පියවර ගත්තේ.

කෙසේ වෙතත් ඔහුගේ දිවි බේරා ගැනීමට හැකි වී නැහැ.

පසුව දොඹකරයක් ආධාරයෙන් අනතුරට ලක්වූ ලොරි රථය ඇළ මාර්ගයෙන් ඉවතට ගැනීමට පියවර ගත් අතර ලොරියේ තිරිංග අක්‍රිය වීම මෙම අනතුරට හේතුව බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *