මාරක අනතුරු දෙකකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

යාපනයේදී හා කිළිනොච්චියේදී සිදු වූ යතුරුපැදි අනතුරු දෙකකින් තරුණයින් දෙදෙනෙකු ඊයේ (11) මියගොස් තිබෙනවා.

කිළිනොච්චිය – පුනරීන් මාර්ගයේ පරමංගරෙයි ප්‍රදේශයේදී තරුණයෙකු ගමන් කළ යතුරුපැදියක් වාහනයක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන්කළ 27 හැවිරිදි තරුණයෙකුයි මෙසේ මියගොස් ඇත්තේ.

ඔහුගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා මල්ලාවී රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදු වූ වාහනයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ තරුණයෙකුට සිය යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන පෙරලී යාම නිසා එම තරුණයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබුණා.

ඔහුගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

අනතුරු දෙකටම හේතුව තරුණයින් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කිරීම බව පොලිසිය පවසනවා.

යාපනය පොලීසිය හා පුනරීන් පොලීසිය මෙම අනතුරු දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *