මාරක අනතුරු දෙකකින් දෙදෙනෙකු මරුට 16කට තුවාල

හලාවත – පුත්තලම මාර්ගයේ ජයබිම ප්‍රදේශයේ සුඛෝපභෝගී බස් රථයක් අත්ට්‍රැක්ටරයක ගැටී අද අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොසොන් සිරි නැරඹීම සඳහා ගිරිබාව සහ ඉහළ මගුරන්කඩවල ප්‍රදේශයේ පිරිසක් මෙම අත්ට්‍රැක්ටරයේ ගමන් කර තිබුණා.

එහිදී යාපනය සිට කොළඹ බලා ධාවනය වූ අධිසුඛෝපභෝගී බස් රථයක් මෙම අත්ට්‍රැක්ටරයේ පිටුපස ගැටී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ 12 දෙනෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර, ඉන් එක් අයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මියගිය 50 හැවිරිදි කාන්තාව මගුරන්කඩවල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර මැදවච්චිය – තලෙයිමන්නාරම මාර්ගයේ 57 වන කිලෝමීටර කණුව ආසන්නයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් 72 හැවිරිදි කාන්තාවක මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *