මාරක රිය අනතුරක්

තිහගොඩ පොලිස් වසමේ හක්මන මාතර ප්‍රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (18) සවස මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

හක්මන දෙස සිට මාතර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් විරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදුවුණා.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් මගීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් මගියෙකු මියගොස් ඇති අතර ත්‍රීරෝද රථ රියදුරු, යතුරු පැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා පුහුවැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වූ තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *