මාල කඩන මන්නා කල්ලියක් පොලීසිය සොයයි

යතුරුපැදිවලින් ගොස් තියුණු ආයුධ පෙන්වා කාන්තාවන්ගේ ගෙළ බැදි රන් මාල කොල්ලකෑමේ ජාවාරමක නිරත වන කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නුගේගොඩ, මහරගම, කලුතර, ගල්කිස්ස, පිළියන්දල, බණ්ඩාරගම ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් මෙම කොල්ලකෑම් සිදු වන බවටයි පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත්තේ.

ඒ අනුව පොලිසිය විමර්ශන සිදු කිරීමෙන් පසු අදාල ජාවාරමේ නිරත වූ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කඹුරුගමුව විදානගමගේ ජනක සංජීව හෙවත් ‍බඩා යන නමින් හඳුන්වන අයෙක්.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව‍ කොල්ලකන ලද රන් මාල 19 ක් සොයා ගත් බවයි කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *