මාවනැල්ලේ කැබ් රථ අනතුරක්

නවීන කැබ් රථයක් මාව­නැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ලයේ යකඩ ගේට්ටු­ව කඩා­ගෙන ගොස් ආස­න්නයේ තිබූ වෛද්‍ය රසා­ය­නා­ගා­ර­ය­කට කඩාවැදී අන­තු­රට පත්ව තිබෙනවා.

අන­තු­රින් වෛද්‍ය රසා­ය­නා­ගා­රයේ ඉදි­රි­පස කොට­සට දැඩි හානි සිදුව අති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් කැබ් රථ­යටත් බරපතල හානි සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

අනතුර ඊයේ (13) උදෑසන සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අව­ස්ථාවේ රසා­ය­නා­ගා­රයේ හෝ ඉදිරිපස කිසිවෙකුත් නොසිටි බැවින් පුද්ගල හානියක් සිදුවී නැති බවයි පොලිසිය පැවසුවේ.

කැබ් රථයේ වායූ බැලූන් ක්‍රියා­ත්මක වීම නිසා රියැ­දුරු සුළු තුවාල ලබා බේරී ඇති බවත් පොලි­සිය පවසනවා.

මාව­නැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ල­යට අයත් කැබ රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල පරි­ශ්‍රයේ නවතා තිබූ රථය එහි රියැ­දුරා විසින් පණ­ගැ­න්වී­මේදී රියැ­දු­රුගේ පාල­න­යෙන් ගිලිහී අන­තුර සිදුව ඇති බවයි පොලි­සිය කියා සිටියේ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මාව­නැල්ල පොලිසිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *