මාවෙයි සේනාධිරාජා පක්ෂයෙන් ඉවත්වීමේ තීරණයක

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා එම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙවර මහ මැතිවරණය සදහා තරග කිරීමට අවස්ථාව ලබා නොදීම හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති ලෙස කටයුතු කළ භාරත් අරුල්සාමි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නායකත්වය දරණ දමිල ප්‍රගතිශිලි සන්ධානයට එක්වී තිබෙනවා.

මේ අනුව ඉදිරි මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කිරීමට ඔහු නාමයෝජනා භාරදීමට නියමිත බවයි දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *